සිරගත කර සිටින හොංකොං හි ව්‍යවසායක ජිමී ලායිට ගෞරවයක් ලෙස අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි හොංකොංහි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ” ලෙස නම් කිරීමට අමෙරිකාවේ කොන්ග්රස් සභිකයින් දෙදෙනෙකු පනතක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා .
ඒ සඳහා වන පනත් කෙටුම්පත, නිල වශයෙන් හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය ලෙස හඳුන්වන තානාපති කාර්යාලයේ තැපැල් ලිපිනයේ නම වෙනස් කිරීම අදාළ බවයි වාර්තා වන්නේ.