හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කිසියම් පිරිසක් විසින් පහරදී වේල්ලකින් තල්ලු කිරීමෙන් හේතුවෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් පමණ වූ හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි හඟුරන්කෙත පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු හේවාහැට නගරයේදී ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
එහිදී අනෙක් පුද්ගලයා විසින් මරණකරුට පහරදී බැම්මකින් පහළට තල්ලු කර ඇති බවයි දැනට සිදු කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී සිදු කෙරුණා.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර හඟුරන්කෙත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.