බදුල්ල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලට හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරි බව කියන සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බෙදාහැරීම සඳහා ඇසුරුම් කළ හෙරෝයින් පැකට් දහසක් ද සමගයි.
බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.
ඒ අනුව හාලිඇල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මත්ද්‍රව්‍ය ගෙනැවිත් දෙන බවයි.
අදාළ පුද්ගලයාට උපායමාර්ගිකව දුරකතන ඇමතුමක් දී ගෙන්වාගෙන මත්ද්‍රව්‍ය පාර්සල් ලබාදෙන අවස්ථාවේ ඔහුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.













