හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනෙක් සහ ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක අංශ වාර්තා කරන්නේ අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නමැති මත්ජාවාරම්කරුවාට අයත් බවට තොරතුරු ලැබී ඇති බවයි.











