ඊයේ අලව්ව පොලිස් වසමේ මිල්ලෑව ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 140 ක් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු සහ සැකකාරිය කාර් රථයකන් ගමන් කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු වයස අවරුදු 41 ක් වන උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවරුදු 29 ක් වූ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.
සැකකරු බන්ධනාගාර ගතව සිට අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු වන අතර මොහු ගම්පහ, වේයන්ගොඩ, නිට්ටඹුව, තිහාරිය යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවරමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.













