බදුල්ල නගරයේදී බදුල්ල කොට්ඨාස අපරාධවිමර්ශන ඒකකයේ පොලිස් කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මතයි.
මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්දෝව පොලිසිය විසින් ඊයේ(26) සිදු කරන ලද වැටලීමකදීයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් තිබී සොයාගෙන ඇති බවද වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ අදාළ කොස්තාපල්වරිය මෙලෙස මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියේ බෙදාහැරීම සඳහාද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරිය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද(27) ඉදිරිපත් කිරීමට නියමිතයි.












