මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන තිබුනා.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 37ක් වන පදිංචිකරුවෙක් .
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.