හෙරොයින්, අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයන් තිදෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු සැකකාරියකගෙන් ලද තොරතුරු මත කළුතර, රජවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග තවත් සැකකරුවෙක් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
හෙරොයින් මිලිග්‍රෑම් 513 මිලිග්‍රෑම් 527ක් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙක්.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගැනුණු සැකකරු ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන බවයි.
එසේම ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් හිරණ පොලිස් ස්ථානයට අවශ්‍ය සැකකරුවෙක් බවත් පිළියන්දල පොලිසිය විසින් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් ලෙස ලේඛන ගත වී ඇති බවට අනාවරණ වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කොළඹ 12 ප%දේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 250ක් සහ කඩු 9ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්්‍යාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදීයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් පමණ වන තරුණයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම් ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පමුණුගම පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 168 මිලි ලීටර් 750ක්(බෝතල් 225ක්) නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 2835ක්(බැරල් 15ක්) සහ පෙරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජාඇළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් එහිදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.
පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.