හෙම්මාතගම – ගම්පොළ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම මාර්ගය මහනුවර පිවිසෙන විකල්ප මාර්ගයක් ලෙසින් භාවිත කරනු ලැබුවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් සමගින් මාර්ගයට බැම්මක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම ගම්පොළ හරහා මහනුවරට ගමන් කරන රියදුරන් මෙම මාර්ගය භාවිතයෙන් වළකින ලෙසත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.













