ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මීට පෙර එම දර්ශකයේ ශ්‍රී ලංකාව 96 වන ස්ථානයේ පසු වුනා.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තිබුණා.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෙම වසරේ රටවල් ශේණිගත කරණු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුව වීම විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතින බවයි එම දර්ශකය පෙන්වා දෙන්නේ.
සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 193කටත් ජපානය සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 190ක් සඳහාත් වීසා රහිත ප්‍රවේශය පවතිනවා.
මේ අතර එම දර්ශකයේ ඉන්දියාව ස්ථාන 8ක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව ඔවුන්ට 77 වන ස්ථානය හිමිව තිබුණා.