2025 සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාතේ දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා යන දෙදින තුළ ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල්වලදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ද හෙට සහ අනිද්දා යන දෙදින තුළ බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම් දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.