හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළා.
ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවත් පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කර සිටිනවා.