හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.
මෙම වැඩසටහන ජුනි මස 05 වන දා දක්වා දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවිර මහත්මිය පැවසුවා.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,228 සහ මරණ 16ක් වාර්තා වී ඇති බවයි