ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.