හෙට දිනය විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් තර තිබෙනවා.
ඒ අනුව, හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.ි
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කළ යුතුව තිබෙනවා.
ඒ අනුව එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව හෙට දිනයේ කැඳවා තිබෙනවා.
ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය හෙට පස්වරු 4.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම පාර්ලිමේන්තුව යළි ජූලි මාසයේ 8, 9 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














