කාදිනල් හිමිපානන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් විදේශ උත්සවයක් හෙට පැවැත්වෙනවා.
බොරැල්ල පොලිස් වසමේ කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුලු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් හෙට දිනයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට සවස 03 සිට රාත්‍රී 09 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බරවාහන ඇතුල්වීම සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.