ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය, මුලතිව් සහ වවුනියා යන දිස්තික්කවලත් අද(20) රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එසේම හෙට(21) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දෙන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.














