හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින් දැරියක් මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ බෝර 12 ගිනි අවිය සහ එයට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
ඌරන් දඩයම් කිරීමට පැමිණි පිරිසකගේ ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම කුඩා දැරියට වෙඩි වැදී ඇති බවයි පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මඟුලාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.