දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට(02) දිනයේදී ද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ පවුල් 2542කට අයත් පුද්ගලයන් දස දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.