ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.
ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි.
ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ල වුණා.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සිය සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කළේ වසර දෙකකට පෙර හූති කණ්ඩායම විසින් පැහැර ගන්නා ලද බලාගාරයක් සහ නෞකාවක් ද ප්‍රහාර වල ඉලක්ක වූ බවයි.