පුත්තලම ඉඟිනිමිටිය ජලාශයේ අද උදෑසන වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඉන් තත්ත්පරයට ඝන අඩි 1,000 ජල ප්‍රමාණයක් මුදාහැර ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ
ඒ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් හුරුළුවැව ජලාශය වාන් දමන බව හුරුළුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මහ වැව් කිහිපයක් තවමත් වන දමන බවයි ඒ මහතා සදහන් කලේ
හුරුළු වැව තත්පරයට ඝන අඩි 379. 97ක ප්‍රමාණයක් වාන්දමමින් පවතින බවද ඔහු සඳහන් කළා.













