හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසනවා.
ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මෝටර් රථය සොයාගෙන තිබෙන්නේ.
එය පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබුණා.
එහිදී මෝටර් රථයේ අංක තහඩුව වෙනස්කර මුළු රථයම අලුතින් තීන්ත ආලේප කර සකස් කර ඇති බවත්, මෝටර් රථය තුළ සිටින පුද්ගලයන් හඳුනාගත නොහැකි වන සේ මෝටර් රථයේ ඉදිරිපස හා පසුපස මෙන්ම දෙපස වීදුරුවල ද තීන්ත ආලේප කොට තිබූ බවත්, පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පිටුපස ඩිකියේ කෑන් දෙකක පෙට්‍රල් ලීටර් හයක් ද හමුවී තිබෙනවා.