රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කර තිබෙනවා.
ල් ලක්ෂ 350කට අධික මුදලක් අයථා ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ලේකම්වරයාරුපිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඳවරුන් ඉදිරිපත් කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අනුව සැකකාර හිටපු ලේකම්වරයා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
එසේම සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට නියෝග කර තිබෙනවා.
විමර්ශනයන්ට අදාළව සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙක්ක සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පවසා ඇත්තේ.
එසේම ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.
පැමිණිල්ල යළි නොවැම්බර් 14 වන දින කැඳවීමට නියමිතයි.