රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති
සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්.
එම ගනුදෙනු වලට අදාළ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 01 වැනිදාට පෙර ඉදිරිපත් කල යුතු බව එම චක්‍රලේඛනයේ සදහන්
වනවා.
මෙලෙස වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවද එහි දැක්වෙනවා.