හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අද අලුයම ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ඇත්තේ.














