අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එස්. සී. මුතුකුමාරණ මහතා පසුව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරණු ලැබුවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව හිටපු ආසන සංවිධායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා ද අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු හැටවන වියේ පසුවුණා.













