පළාත් පාලන සභා පිහිටුවීමේ තීරණාත්මක සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ මල් පාරේ පිහිටි කාර්යාලයේදීමෙම සාකච්ඡාව පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ අනෙකුත් පක්ෂ සමග එක්ව පිහිටුවීම පිලිබදවද විශේ සාකච්ඡා කර තිබුණා.
මෙහිදී ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා ඇතුලු සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක් වන බවට එහිදී අවසන් එකගතාවයකට පැමිණ තිබුණා.