හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවයි ඔහු සඳහන් කළේ,
මේ අතර, ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය සදහන් කලා .