‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ නුදුරු දිනකදී තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා තිබෙනවා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බවද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් දක්වා තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති දස වැනි ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමු වුණා. එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය ලෙසයි දැක්වෙන්නේ. ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවයි. මෙම ‘Starlink’ සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම්කරු බලපත්‍රයක් නිකුත් කිරීමටද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 වසරේ දී කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම ‘Starlink’ අන්තර්ජාල සේවාව වේගවත් බවද සඳහන්.