හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයත ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් නෙවිල් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
අල්ලස් කොමිසමේ නිලදාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අදාළ නියෝග නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින බවයි.
එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ නඩුව ජනවාරි මස 16 වන දින යළි කැඳවීමට නියමිතයි.










