හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණී රන්වල මහත්මිය රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ කැලණිය – බියගම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් හිටපු කතානායකවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවයි.
රන්වල මහතාගේ නිවස ඉදිරිපිටදී මෙම අනතුරව සිදුව ඇති අතර බණ්ඩාරවත්ත දෙස සිට පැමිණි වෛද්‍යවරිය පැදවූ මෝටර් රථය දකුණු පස නවතා නිවසට හැරවීමට සූදානම් වූ අවස්ථාවේ කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ධාවන වූ කාර් රථයක් එම වාහනයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදු කළ කාර් රථයේ රියදුරා ලෙස සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් කටයුතු කර ඇති බවත් 30 හැවිරිදි ඔහු අත්අඩංගුවට ගැනුණු බවත් පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු රියදුරා කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද වාර්තා වනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු බවද වාර්තා වනවා.










