යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කුරියර්වරයෙකු ලෙස සැරසී සිටි පුද්ගලයෙකු විසිනුයි මොහුට වෙඩි තබා ඇත්තේ.
ඝාතකයා සොයා මේ වන විට විශේෂ විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.
අවශ්‍ය සියලු බලය මේ සඳහා යොදවා ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මෙය බිහිසුණු මිනීමැරුමක් බව ඔහු පවසනවා.
හිටපු කතානායකවරයා යුක්‍රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙසද සිටි අයෙක්.