හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීමට දිනය නියම කර තිබෙනවා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කෙරුණු එම නඩුව ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවන ලෙයසි කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ.
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය කර ඇත්තේ අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
විත්තිකරු මේ වන විට විදෙස්ගතව සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙයසි අල්ලස් කොමිසම ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ නියෝගය ලබාදී තිබෙනවා.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2006 වසරේදී ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.