හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස අධිකරණය අද(11) නියෝග කර තිබනෙවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට මූල්‍ය පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටිනවා.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදුවක් නොමැති බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ හර්ෂණ කැකුණවල මහතා සඳහන් කර සිටියා.
මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදීයි.