හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ජුලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩුව අගෝස්තු 21 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(17) නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරියට එල්ල වී ඇති චෝදනාව වන්නේ ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉිදරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේය යන්නයි.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඳ ශානක රණසිංහ මහතාට ජුලි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය කෙරෙන වෙනත් නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇති හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීති, නිසිත් අබේසූරිය මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙලෙස ඇප ලබා තිබෙනවා.