රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01) නියෝග කර තිබෙනවා.
සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙයසි අධිකරණය නියෝග කර ඇත්තේ.
එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන්.
හිටපු අමාත්‍යවරයා පසුගිය ජුලි 04 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගර ගත කෙරුණා.
ඒ 2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ රුපියල් මිලියන 25ක මුදලක් වැය කරමින් මිලදී ගත් බඩඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී වාසි ලබාගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීමේ චෝදනාව යටතේයි.