හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලදන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ආගාමික සහ විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට එල්ල වූ චෝදනාවලටයි.
හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අමතරව ඇයගේ ඇපකරුවන්ට ද නොතීසිද නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු හතෙහි සාක්ෂි විභාගයට අද(21) දිනට යෙදී තිබුණා.
නඩුව අද(21) කැඳවන අවස්ථාවේදී වගඋත්තකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙක්, මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය හමුවේ පෙනී සිටියා.