හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.
ඒ පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි .
මනුෂ නානාය්කකාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මෙලෙස අද අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.