ජනතාවට පීඩාකාරී ලෙස මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කළ 11 දෙනෙකු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
ඒ හොරණ අමරනාගොල්ල ප්‍රදේශයේ දීයි
මෙම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන වී යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීමටයි කටයුතු කර තිබුණේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත යතුරුපැදිකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගනු ලබුවා.
ඔවුන් හදපාන්ගොඩ, ඉංගිරිය, අගුරුවාතොට, බණ්ඩාරගම සහ මොරගහහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.
පොලිසිය සදහන් කලේ යතුරුපැදි 3ක ධාවකයන්ට රියදුරු බලපත්‍ර පවා නොතිබූ බවයි.
යතුරුපැදි සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබාගැනීමට නියමිතව තිබෙනවා.