ජාතික ජන බලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 12කින් සම්මත වූ බව එම නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පවසනවා.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(22) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදී අයවැය විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කර තිබෙනවා.
මෙහිදී අයවැයට පක්ෂව ආණ්ඩු පක්ෂයේ සභිකයින් 8 දෙනෙකු සහ විපක්ෂයේ සභිකයින් සිව් දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, සමගි ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අපේක්ෂිත ආදායම රුපියල් තිස්තුන්කෝටි හැට අට ලක්ෂයකි. වැය රුපියල් විසිපන්කෝටි විසි නවලක්ෂ අසූ අටදහස් හයසිය හතලිහකි.
අයවැය ඇස්තමේන්තු මුදලින්, සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති අතර රුපියල් කෝටි 10ක මුදලක් රුපියල් කෝටි පහක මුදලක් කසල කළමනාකරණයට වෙන් කර තිබෙනවා.













