දිට්වා සුලි කුණාටුවෙන් පසු හැටන් දික්එය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව ඉදිකරන යොදාගෙන දැනුවත් කිරීමට හැටන් දික්ඔය නගර සබාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන තිබෙනවා.
හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය මත හැටන් දික්එය නගර සභා සීමාවේ ඇතැම් පිරිස් නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය ඇතුළු ඉදිකිරීම් සහා අනුමැතිය ගත යුතු ආයතනවලින් අනුමැතිය ලබානොගෙන ඉදිකිරීම් කරන අතර තවත් පිරිසක් අනුමත කළ සැලැස්මට පටහැනිව ඉදිකිරීම් සිදු කරන නිසා එම ඉදිකිරීම් නතර කිරීමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.
තවද හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදිංචිකරුවන් අවධිමත් ලෙස කැලිකසළ බැහැර කරන බවත්, එසේ අවිධිමත් ලෙස කැලිකසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.













