ඉන්ධන මිල වැඩි වුවද හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොමැති නිසා ඉන්ධන තොග ලැබෙනතුරු වසා දමා තිබෙනවා.
කෙසේ වෙත් වාහන හිමියන් ඉන්ධන තොග ලැබෙන තෙක් තම වාහන පිරවුම්හල් අසළ ගාල් කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
ඉන්ධන මිල වැඩිවීම ලෝක වෙළෙඳ පොලේ අනුව සිදුවූවක් බවත් වැඩි වූ මුදලට තමන්ට දරාගත නොහැකි බවයි හැටන් ප්‍රදේශයේ වාහන හිමියන් කියා සිටියේ.
ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මිල ද ඉහළ යා හැකි බවයි ජනතාව කියා සිටින්නේ.














