පවතිනස ුළු ගංවතුර තත්ත්වය තවත් පැය කිහිපයකින් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රී ජනතාවට හැකි ඉක්මණින් ඉවත් වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා.
එසේම එම ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සදු කරමින් පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඉදිරි පැය හයක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවද නිවේදනය කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විටත් අධික වැසි ලැබෙන පවතින බවයි වාර්තා වන්නේ.











