ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවටත් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටීම මෙයට හේතුව බවයි.