දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ආපදාවෙන් හානි වූ ජලාශ සහ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් කුඹුරු සහ වගා බිම් වෙත මේ වන විටත් ජලය සැපයීමට කටයුතු කරමින් පවතින බවයි එහි අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
ප්‍රධාන ආපදාවන් සිදුවූ ස්ථාන මෙන්ම හානි වූ ස්ථාන තාවකාලිකව හෝ සකස් කර ජලය නිදහස් කිරීම මගින් හානි වූ කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














