හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතිකයන් 150 දෙනෙක් පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර චීන ජාතික පිරිමි පුද්ගලය්න 129ක් සහ කාන්තාවන් 6 දෙනෙක් වියට්නාම ජාතික පිරිමි පුද්ගලය්න 10 දෙනෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ එම පිරිස සතුව තිබී ඩොක්ස්ටොප් පරිගණක 99ක් ලැප්ටොප් 26ක් සහ ජංගම දුරකථන 259ක් පොලිස් භාරයට ගැනුණු බවයි.
මොවුන් මීට මාසයකට පමණ පෙර අදාළ හෝටලය වෙත පැමිණ ලැගුම්ගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් විදේශිකයන් පිරිස සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.
පොලිසිය සැක පළ කරන්නේ මෙම විදේශිකයන් පිරිස අදාළ හෝටලයේ රැඳී සිටිමින් කිසියම් පරිගණක අපරාධයක් සිදුකරන්නට ඇති බවටයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස එම හෝටලයේම රඳවා තබා ගනිමින් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරනු බවයි පොලිසිය කියා සිටියේ.














