Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හලාවත සහ පුත්තලම රෝහල් වල ප්‍රගතිය සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ නිරීක්ෂණයක.

    හලාවත සහ පුත්තලම රෝහල් වල ප්‍රගතිය සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ නිරීක්ෂණයක.

    2024-10-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබාදෙමින් මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබේ.

    එම වැඩපිළිවෙලට සමගාමීව පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහලෙන් සහ  පුත්තලම මුලික රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් හි ප්‍රගතිය සහ රෝහල් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා විශේෂ නිරික්ෂණයක යෙදෙන ලදි.

    එහිදී බාහිර රෝගී අංශ, සායන, වාට්ටු,  රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, නේවාසිකාගාර, මුළුතැන්ගෙය, මෙන්ම රෝහල් තුල ක්‍රියාත්මක නියමු ව්‍යාපෘති සහ රෝහල් සංවර්ධන වැඩසටහන් ද සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරික්ෂණයට ලක් කෙරිණි. තව ද නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩලවලට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් මානව හා භෞතික සම්පත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමට ද කටයුතු කරන ලදී.

    හලාවත  දිස්ත්‍රික් මහ රෝහලට නව ගිලන් රථ දෙකක් කඩිනමින් ලබාදීමට සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් ද ලබාදීමට මෙහිදි තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන ඵලදායිව යොදාගැනීමට‌ කටයුතු කරමින් රෝහලේ සුළු අළුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද මෙහිදී උපදෙස් ලබාදෙන ලද අතර, රෝහල මගින් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් සෞඛ්‍ය ලේකම්වරයාගේ විශේෂ ඇගයීමට ද ලක්කෙරිනි.

    පෙර පුව​තචීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
    ඊළඟ පුව​ත බිත්තර නිෂ්පාදන සංගම්, වෙළඳ අමාත්‍යාංශයට කැඳවයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group