ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරුයක වන තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකරුවන් හය දෙනා තවදුරටත් ජුනි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සිද්ධියට අදාළ නඩුව අද(29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නිල මැදිරිය තුළදී කැඳවා තිබුණා.