Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හර්ෂිතා – නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි

    හර්ෂිතා – නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි

    2023-02-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ(12) රාත්‍රීයේ පැවැත්වුණා.

    එම තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

    ඒ ශ්‍රි ලංකා ආරම්භක පිතිකාරණි හර්ෂිතා සමරවික්‍රම සහ මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන්.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තිරණය කරනු ලැබුවා.

    ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු අටක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

    බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Sobhana Mostary ලකුණු 29ක් ලබාගත් අතර නායක Nigar Sultana ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූවා.

    මීට අමතරව ලකුණු 20 සීමාවට පැමිණීමට සමත් වූයේ එක් ක්‍රීඩිකාවක් පමණයි.

    ඒ ආරම්භක පිතිකාරිණී Shamima Sultanaයි.

    ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක්.

    සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 15 සීමාව පසුකර යාමට සමත් වූයේ නෑ.

    පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර චමරි අතපත්තු කඩුලු දෙකක්ද ඉනෝකා රණවීර එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.2කදී කඩුලු තුනක් පමණක් දැවි ලකුනු 129ක් ලබාගැනිමට සමත් වූවා.

    පන්දුවට පහරදීමේදී ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම නොදැවී පන්දු 50කදී ලකුණු 69ක් ලබාගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර අටක් ඇතුළත්.

    ඇයට අගනා සහයෝගයක් ලබාදුන් මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වා පන්දු 38කදී ලකුණු 41ක් ලබාගත්තේ හතරේ පහර දෙකක් සමගින්.

    හර්ෂිතා සහ නිලක්ෂි එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    නායිකා චමරි අතපත්තුගේ ඉනිම ලකුණු 15කට සීමා වූ අතර විශ්මි ගුණරත්නට ලබාගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණක් වන අතර අනුෂ්කා සංජීවනීට ලකුණු ලබාගැනිමට අවස්ථාවක් ලැබුණේ නෑ.

    පන්දු යැවීමේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Marufa Akter ලකුනු 23කට කඩුලු තුනක් දවාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට කඩුලු ලබාගැනීමට නොහැකි වූවා.

    ඒ අනුව පන්දුවාර 18.2කදි කඩුලු තුනක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර සිටිනවා.

    තරගයේ වීරයා ලෙසින් හර්ෂිතා සමරවික්‍රම තේරී පත් වූවා.

    තරගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි Newlands ක්‍රීඩාංගනයේදී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණා.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එළැඹෙන 16 වැනිදා පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි.

     

    harshitha samarawickrama ICC Women's T20 World Cup icc womens t20 Sri Lanka Women Cricket The Sri Lanka women's team won the second match of the Women's T20 World Cup yesterday
    පෙර පුව​තදුම්රිය ගමන්වාර 10 ක් අවලංගු කරයි
    ඊළඟ පුව​ත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group