ජාතික ජන බලවේගයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පරෙැම මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් නිශාන්ත ජයවීර මහතාගේ නම යෝජනා වී ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන හෙට(08) දිනයේදී නිශාන්ත ජයවීර මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතයි.